2004 වසරේදී නිකුත් වුණු ජනප්‍රිය ‘පොකෙමන් එමරල්ඩ්’ ක්‍රීඩාව අදටත් බොහෝ දෙනෙක් ආදරයෙන් සිහිපත් කරන ක්‍රීඩාවක්. හොයෙන් කලාපය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණු මේ ක්‍රීඩාවේ තිබුණු අපූරු අත්දැකීම් නැවතත් අලුත් මුහුණුවරකින් අත්විඳින්න රසිකයන්ට අවස්ථාව ලැබෙන්න යනවා. මේ වන විට ‘zarraywrld’ නම් නිර්මාණකරුවා විසින් ‘පොකෙමන් ඩෙල්ටා එමරල්ඩ් රෙඩක්ස්’ නමින් අලුත්ම ROM hack එකක් හඳුන්වා දී තිබෙනවා. මෙය Nintendo DS තාක්ෂණය ඔස්සේ හොයෙන් කලාපය නැවත නිර්මාණය කිරීමේ උත්සාහයක්. මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් වී ඇති කෙටි වීඩියෝ දර්ශනවලින් ලිට්ල්රූට් ටවුන් සහ ඕල්ඩේල් වැනි ප්‍රදේශවල ඉතා ආකර්ෂණීය දර්ශන දැකගන්න පුළුවන්.
මේ ව්‍යාපෘතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර, නිර්මාණකරුවා පවසන පරිදි පෞද්ගලික කාර්යබහුලත්වය නිසා වැඩ කටයුතු මඳක් ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විටත් නිකුත් කර ඇති දර්ශන දෙස බලන විට මෙය නිල වශයෙන් නිකුත් වන ක්‍රීඩාවකට නොදෙවෙනි මට්ටමක පවතින බව රසිකයන් පවා අදහස් දක්වා තිබෙනවා. ක්‍රීඩාවේ කැමරා කෝණ සහ අනෙකුත් තාක්ෂණික අංගයන් තවදුරටත් දියුණු කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. දැනට මේ ක්‍රීඩාව නිකුත් වන නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නොමැති වුවත්, පොකෙමන් ලෝලීන් මේ වෙනුවෙන් විශාල බලාපොරොත්තුවකින් පසුවන බව පැහැදිලියි. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු දැනගන්න ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Discussion & Feedback