පොකෙමන් ට්රේඩින් කාඩ් ක්රීඩාව දශක තුනකට අධික කාලයක් පුරා ලොව පුරා රසිකයින් අතර ජනප්රිය වෙලා තියෙනවා. මේ වන විට නවවන පරම්පරාවේ ක්රීඩා අත්දැකීම් සමඟින් ඉදිරියට යන පොකෙමන් සමාගම, ඉතාමත් සුවිශේෂී නිවේදනයක් සිදු කරමින් පොකෙමන් ලෝකයේ නව යුගයක් ආරම්භ කරන බව ප්රකාශ කළා. සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති 2026 පොකෙමන් ලෝක ශූරතාවලියේදී හෙළි වුණේ, ‘පොකෙමන්: වයිල්ඩ් කාඩ්’ (Pokémon: Wild Card) නමින් නවතම චිත්රපටයක් 2027 වසරේදී තිරගත වීමට නියමිත බවයි.
මෙම චිත්රපටය පොකෙමන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙන්නේ වසර හතකට පසු එළිදැක්වෙන පළමු චිත්රපටය මෙය වන නිසයි. විශේෂම දේ තමයි, මෙහි ප්රධාන චරිතය ලෙස අෂ් (Ash) දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට පොකෙමන් කාඩ් ක්රීඩාවේ ශූරයෙක් වීමට සිහින දකින නව වීරයෙක් සහ ඔහුගේ සහකාර පොකෙමන් වන මිමිකියු (Mimikyu) වටා කතාව ගෙතෙනවා. ක්ලෝවර් වර්ක්ස් (CloverWorks) ආයතනය විසින් සජීවීකරණය කරන මෙම චිත්රපටය, පොකෙමන් සමාගමේ අනාගත සැලසුම්වල ප්රධාන කොටසක් ලෙසයි සැලකෙන්නේ.
දැනට වෙළඳපොලේ කාඩ්පත් හිඟයක් පැවතුනත්, පොකෙමන් සමාගම මෙම නව චිත්රපටය හරහා කාඩ් ක්රීඩාව තවත් ජනප්රිය කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහර විට චිත්රපටය ආශ්රිතව අලුත්ම කාඩ්පත් කට්ටල පවා ඉදිරියේදී නිකුත් වෙන්න පුළුවන්. අෂ්ගෙන් තොරව පොකෙමන් ලෝකය ඉදිරියට ගෙන යාමේ උත්සාහය සාර්ථක වේවිද කියලා බලාගන්න රසිකයින් මේ වන විටත් ලොකු උනන්දුවකින් ඉන්නේ.

Discussion & Feedback