පොකෙමොන් රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙමින්, ඔවුන්ගේ වසර 29ක සම්ප්රදායික සිනමා ගමන වෙනස් කිරීමට සමාගම තීරණය කරලා තියෙනවා. 2027 වසරේදී තිරගත වීමට නියමිත ‘Pokémon: Wild Card’ චිත්රපටය හරහා පොකෙමොන් සටන් වෙනුවට ඔවුන්ගේ ජනප්රිය ‘Trading Card Game’ (TCG) ක්රීඩාව මුල් කරගෙන කතාව ගොඩනැගෙනවා. මේ චිත්රපටයේ ප්රධාන චරිතය විදිහට දකින්න ලැබෙන්නේ කාඩ් ක්රීඩකයෙක් සහ ඔහුගේ සහායකයා වන ‘මිමිකියු’ (Mimikyu) කියන පොකෙමොන් සත්වයායි. විශේෂම දේ තමයි, දශක තුනකට ආසන්න කාලයක් පොකෙමොන් ලෝකයේ මුහුණුවර වුණු ‘ඇෂ් කෙචම්’ (Ash Ketchum) මේ චිත්රපටයේ කොහෙත්ම දකින්න ලැබෙන්නේ නැති වීම.
මේ වෙනස තවත් විශේෂ වෙන්නේ, වසර 29ක් පුරා පොකෙමොන් සිනමා නිර්මාණ කළ OLM ස්ටුඩියෝව වෙනුවට මෙවර CloverWorks සහ Story Inc. ආයතන එකතු වීම නිසයි. මේ නිසා චිත්රපටයේ දෘශ්ය රටාව සහ කතා විලාසය මීට පෙර අපි දැකපු පොකෙමොන් චිත්රපටවලට වඩා ගොඩක් වෙනස් වෙන්න නියමිතයි. ඇත්තටම මේක පොකෙමොන් ඉතිහාසයේ ගත්තු ලොකුම අවදානමක් වගේම අලුත්ම යුගයක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. කාඩ් ක්රීඩාව වටා ගෙතුණු මේ අලුත්ම වික්රමය 2027 වසරේ අගභාගයේදී රසිකයන්ට දැකගන්න ලැබෙනු ඇති බවටයි ආරංචි වෙන්නේ. ඇෂ් නැති, අලුත් ස්ටුඩියෝවකින් එන මේ වෙනස්ම පොකෙමොන් අත්දැකීම රසිකයන් කොහොම පිළිගනීවිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback