පොකෙමන් රසිකයන්ට තවත් සුබ ආරංචියක් ලැබිලා තියෙනවා. පොකෙමන් සමාගම තමන්ගේ 30 වැනි සංවත්සරය සමරන්න හරිම අපූරු වැඩක් පටන් අරන් තියෙනවා. මේ සැරේ ඔවුන් අවධානය යොමු කරලා තියෙන්නේ පරණ පොකෙමන් ගේම්ස් වලට ආදරේ කරන අයටයි. විශේෂයෙන්ම මුල්ම කාලේ ආපු ‘පොකෙමන් රෙඩ් ඇන්ඩ් බ්ලූ’ (Red and Blue) ගේම්ස් වල මතකයන් අලුත් කරන්න තමයි මේ අලුත්ම ඇඳුම් එකතුව එළිදක්වන්නේ. මේ සඳහා ඔවුන් ජනප්රිය ඇඳුම් සන්නාමයක් වන යුනික්ලෝ (Uniqlo) එක්ක එකතු වෙලා තියෙනවා.
මේ ඇඳුම් එකතුවේ ගෙන්ගාර්, මියුටූ සහ පිකාචු වගේ ජනප්රිය පොකෙමන් චරිතවල මුල්ම ස්ප්රයිට් (sprite) නිර්මාණ දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගේම් එකේ හිටපු ජිම් ලීඩර්ස්ලාගේ ප්රධාන පොකෙමන් සහ ඔවුන්ගේ මට්ටම් ඇතුළත් කරපු විශේෂ ටී-ෂර්ට් එකකුත් මේ එකතුවේ තියෙනවා. මේ නිර්මාණවල තියෙන පැරණි පෙනුම නිසාම පරණ ගේම්ස් වලට ආස කරන අයට මේක හරිම විශේෂ එකතුවක් වේවි.
මේ අලුත්ම ටී-ෂර්ට් එකතුව 2026 ජූලි මාසයේදී වෙළඳපොළට නිකුත් වෙන්න නියමිතයි. පොකෙමන් රසිකයන්ට තමන්ගේ ප්රියතම චරිත ඇඳුම් විලාසිතා විදිහට අඳින්න ලැබෙන එක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඉදිරියේදී මේ වගේම අනිත් පොකෙමන් පරම්පරාවන් වෙනුවෙනුත් මෙවැනි නිර්මාණ එළිදක්වයි කියලා රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඉතින් ඔයාලත් මේ රෙට්රෝ විලාසිතාවලට කැමති නම්, 2026 වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා.

Discussion & Feedback