ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා හිමිපාණන්ගේ උපන්දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා. ලෝකය පුරා සිටින ජනතාවට සාමය සහ සහජීවනය පිළිබඳ පණිවිඩයක් ලබා දෙමින් උන්වහන්සේ සිදුකරන මෙහෙය අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් අගය කළා. දලයි ලාමා හිමිපාණන්ගේ සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික ශක්තිය මෙන්ම ලෝක යහපත උදෙසා උන්වහන්සේ දක්වන කැපවීම ඉතාමත් ප්‍රශංසනීය බවයි මෝදි මහතා සිය ‘X’ ගිණුම හරහා පවසා තිබුණේ. උන්වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට ද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ.
1935 වසරේ ජූලි 6 වනදා ටිබෙටයේ කුඩා ගම්මානයක ගොවි පවුලක උපත ලැබූ දලයි ලාමා හිමිපාණන්, 1959 වසරේ සිට මේ දක්වා ජීවත් වෙන්නේ ඉන්දියාවේ පිටුවහල්වයි. එදා සිට අද දක්වාම උන්වහන්සේ ලොව පුරා ජනතාවට ආදර්ශමත් මඟ පෙන්වීමක් ලබා දෙමින් සාමයේ පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කරනවා. අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සුබ පැතුම් පණිවිඩය හරහා දලයි ලාමා හිමිපාණන් කෙරෙහි පවතින ගෞරවය සහ උන්වහන්සේගේ ගමන් මඟෙහි ඇති වැදගත්කම ලෝකයටම යළි සිහිපත් කර දෙනු ලැබුවා.

Discussion & Feedback