සෝනි සමාගම විසින් පසුගිය ජූලි පළමුවැනිදා නිකුත් කළ නිවේදනයක් නිසා මේ දිනවල ගේමින් ලෝකයම උණුසුම් වෙලා තියෙනවා. ඒ තමයි 2028 වසරේ සිට ප්ලේස්ටේෂන් ක්රීඩා සඳහා භෞතික තැටි (discs) නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ඔවුන් ගත් තීරණය. මේ පුවතත් එක්කම ලොව පුරා ඉන්න ප්ලේස්ටේෂන් රසිකයන් දැඩි කෝපයකින් ඉන්නේ. තමන් මිලදී ගන්නා ක්රීඩා වල අයිතිය සහ ඒවා සුරක්ෂිත කරගැනීමේ හැකියාව නැතිවෙන නිසා, ගොඩක් දෙනෙක් මේ තීරණයට විරුද්ධව තමන්ගේ PlayStation Plus දායකත්වයන් අවලංගු කරමින් සහ අනාගතයේදී PS6 මිලදී නොගන්නා බවට ප්රතිඥා දෙමින් ඉන්නවා.
සතියක කාලයක් සමාජ මාධ්යවලින් නිහඬව සිටි ප්ලේස්ටේෂන් ආයතනය, නැවතත් අලුත් පෝස්ට් එකක් දැම්ම ගමන් රසිකයන් ඒක වටකරගෙන තමන්ගේ විරෝධය පළ කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඔවුන් අලුත් ෆයිට් ස්ටික් එකක් ගැන ප්රවර්ධනයක් කරද්දී, රසිකයන් විවිධ විහිලු සහගත මීම් (memes) භාවිතා කරමින් ප්ලේස්ටේෂන් ආයතනයේ මේ තීරණය දැඩි ලෙස විවේචනය කරනවා. “Play Has No Limits” කියන ඔවුන්ගේ සටන් පාඨය පවා “Greed Has No Limits” ලෙස වෙනස් කරමින් රසිකයන් ඔවුන්ගේ අප්රසාදය පළ කරනවා.
මේ වනතුරුත් ප්ලේස්ටේෂන් ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු නිල පිළිතුරක් දීලා නැහැ. නමුත් ක්රීඩකයින්ගේ මේ දැඩි විරෝධය සහ එකමුතුකම දකිද්දී, ඉදිරියේදී ප්ලේස්ටේෂන් ආයතනයට තමන්ගේ මේ තීරණය ගැන නැවත සිතා බලන්න සිද්ධ වෙයි කියලා ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ තීරණය ක්රීඩකයින්ගේ පැත්තෙන් ගත්තොත් කිසිම සාධාරණයක් නැති එකක් නිසා, ඉදිරියේදී මොන වගේ වෙනසක් වෙයිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback