PlayStation රසිකයන්ට තවත් සුපිරි ආරංචියක් ලැබිලා තියෙනවා. ජනප්රිය Blackpink කණ්ඩායමේ ගායිකා ලීසා (Lisa) සමඟ එකතු වෙලා Sony සමාගම අලුත්ම DualSense කන්ට්රෝලරයක් එළිදක්වන්න සූදානම් වෙනවා. මේ විශේෂිත කන්ට්රෝලරයේ මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ ලීසාගේ දෑස්වල ආභාෂය ලබාගෙනයි. ගේමින්ග් කියන්නේ තමන් විවේක වෙලාවට ගොඩක් ආසාවෙන් කරන දෙයක් නිසා, මේ වගේ නිර්මාණයක් කරන්න ලැබීම ගැන ලීසා ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි ඇය පවසන්නේ. ඇගේ රසිකයන්ට තමන්ගේ ආදරණීය ගායිකාවගේ නිර්මාණයක් අත්විඳින්න මේක හොඳ අවස්ථාවක් වේවි.
මේ අලුත්ම කන්ට්රෝලරය ඔක්තෝබර් 30 වැනිදා වෙළඳපොළට නිකුත් වෙන්න නියමිතයි. ඒ වගේම ඔක්තෝබර් 2 වැනිදා උදේ 10 සිට PlayStation Direct හරහා ඔබට මේ සඳහා පෙර ඇණවුම් (Pre-order) කරන්න පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 84.99ක් විදිහටයි සඳහන් වෙන්නේ. කන්ට්රෝලරයට අමතරව, ලීසාගේ මේ විශේෂ මෝස්තරය සහිත ටී-ෂර්ට්, ස්වෙට්ෂර්ට්, තොප්පි සහ බෑග් වගේ තවත් අමතර භාණ්ඩ පෙළක් ඔක්තෝබර් 23 වැනිදා සිට Amazon හරහා මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔයාලත් PlayStation එකතු කරන්න කැමති කෙනෙක් නම්, මේ අවස්ථාව මගහැර ගන්න එපා.
සාමාන්යයෙන් මේ වගේ සීමිත සංස්කරණයේ කන්ට්රෝලර් ඉතා ඉක්මනින් අලෙවි වී අවසන් වෙන නිසා, ඔබටත් එකක් අවශ්ය නම් ඉක්මනින්ම පෙර ඇණවුම් කිරීම වඩාත් සුදුසුයි. ලීසාගේ රසිකයන්ට වගේම ගේම් ගහන්න ආස අයටත් මේක අලුත්ම අත්දැකීමක් වේවි. ඉදිරියේදී මේ වගේ තවත් නිර්මාණ බලාගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback