PlayStation රසිකයන්ට සතුටුදායක ආරංචියක් ගෙන එමින්, ජනප්රිය Blackpink ගායිකා ලීසා (Lisa) සමඟ එක්ව Sony සමාගම විශේෂිත DualSense පාලකයක් හඳුන්වා දීමට කටයුතු කරලා තියෙනවා. මේ අලුත්ම පාලකයේ නිර්මාණය සඳහා ලීසාගේ දෑස්වල ආභාෂය ලබාගෙන තියෙනවා. ගේමින්ග් කියන්නේ තමන් විවේකී වෙලාවට ගොඩක් ආසාවෙන් කරන දෙයක් නිසා, මේ වගේ නිර්මාණයක් PlayStation එක්ක එකතු වෙලා කරන්න ලැබීම ගැන ලීසා ඇයගේ සතුටත් ප්රකාශ කරලා තියෙනවා. ඇයගේ රසිකයන්ට විශේෂ දෙයක් ලබා දීමේ අරමුණින් මේ නිර්මාණයට ඇයගේම අනන්යතාවයක් එකතු කරන්න ඇය උත්සාහ කරලා තියෙනවා.
මේ පාලකය ඔක්තෝබර් 30 වෙනිදා වෙළඳපොළට නිකුත් වෙන්න නියමිතයි. එහි මිල ඇමරිකානු ඩොලර් 84.99ක් ලෙස සඳහන් වෙනවා. ඔබට අවශ්ය නම් ඔක්තෝබර් 2 වෙනිදා උදේ 10 සිට PlayStation Direct හරහා මෙය පෙර ඇණවුම් (Pre-order) කරන්න පුළුවන්. ඒ වගේම, මේ පාලකයේ නිර්මාණයට සමාන ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් උපාංග ඇතුළත් විශේෂ භාණ්ඩ එකතුවක් ඔක්තෝබර් 23 වෙනිදා සිට Amazon හරහා මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. ඔබත් PlayStation එකතු කරන්නෙක් නම්, මේ අලුත්ම නිර්මාණය ඔබේ එකතුවට එකතු කරගන්න හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback