PlayStation ලෝලීන්ට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ලැබිලා තියෙනවා. 2005 වසරේ නිකුත් වුණු සුප්රසිද්ධ ‘Indigo Prophecy’ හෙවත් ‘Fahrenheit’ ක්රීඩාව නැවතත් PlayStation 5 සහ PS4 කොන්සෝල සඳහා නිකුත් කිරීමට සෝනි සමාගම පියවර අරන් තියෙනවා. මේ ක්රීඩාව ජූලි 21 වැනිදා සිට PlayStation Plus Premium සාමාජිකත්වය තියෙන අයට නොමිලේම ක්රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. Quantic Dream ආයතනය විසින් නිර්මාණය කරපු මේ ක්රීඩාව, ඔවුන් පසුව නිර්මාණය කරපු Heavy Rain සහ Detroit: Become Human වගේ ජනප්රිය ක්රීඩාවලට මුල් වුණු නිර්මාණයක් විදිහට තමයි සැලකෙන්නේ.
මේ ක්රීඩාවේ කතාව ගලාගෙන යන්නේ අද්භූත සිදුවීම් මාලාවක් එක්ක. මෙහිදී ලූකස් කේන් කියන චරිතයට අමතරව NYPD රහස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්ව පාලනය කරන්නත් ක්රීඩකයන්ට සිද්ධ වෙනවා. ඔබ ගන්නා තීරණ මත කතාවේ අවසානය වෙනස් වෙන නිසා මේක ඇත්තටම රසවත් අත්දැකීමක් වෙයි. මේක පරණ ක්රීඩාවක් වුණත්, අදටත් ගේමින් ලෝකයේ ‘Cult Classic’ එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින්, ඔබත් David Cage ගේ නිර්මාණවලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ ක්රීඩාව අත්හදා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

Discussion & Feedback