මේ දවස්වල සෝනි සමාගම ගත්ත තීරණ නිසා ප්ලේස්ටේෂන් පාවිච්චි කරන ගොඩක් අය ඉන්නේ ලොකු කලකිරීමකින්. විශේෂයෙන්ම අනාගතයේදී ගේම්ස් ඔක්කොම ඩිජිටල් විදියට විතරක් නිකුත් කරන්නයි, පීසී වර්ෂන් නිකුත් කිරීම නවත්වන්නයි සෝනි ගත්ත තීරණ ගේමර්ස්ලා අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ වගේ වෙනස්කම් ගොඩක් මැද්දේ, ප්ලේස්ටේෂන් ස්ටාර්ස් (PlayStation Stars) ලෝයල්ටි වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න අයට පොඩි සහනයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔයාලා ගාව තියෙන ඉතිරි වෙලා තියෙන පොයින්ට්ස් පාවිච්චි කරලා නොමිලේ ස්ටෝර් ක්රෙඩිට් ලබාගන්න පුළුවන් වීම.
ඔයාලා ප්ලේස්ටේෂන් ස්ටාර්ස් සාමාජිකයෙක් නම්, ඉක්මනින්ම ඔයාලගේ ගිණුමට ලොග් වෙලා බලන්න. මොකද මේ පොයින්ට්ස් වල වලංගු කාලය ජූලි 31 වෙනිදායින් අවසන් වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඔයාලගේ පොයින්ට්ස් ඔක්කොම නැති වෙලා යනවා. ගොඩක් අය මේ ගැන සමාජ මාධ්යවල තමන්ගේ අදහස් පළ කරලා තිබුණේ සෝනි සමාගම ක්රීඩකයින්ව අමාරුවේ දානවා කියන හැඟීමෙන්. කොහොම වුණත්, තවමත් ඔයාලා ගාව පොයින්ට්ස් ඉතිරි වෙලා තියෙනවා නම්, මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව ඉක්මනින්ම ඒවා පාවිච්චි කරලා ස්ටෝර් ක්රෙඩිට් ලබාගන්න කියලා අපි මතක් කරනවා. මොකද මේක තමයි ඔයාලට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්.

Discussion & Feedback