මේ දවස්වල ගේමින් ලෝකයේ ලොකුම කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඉදිරියේදී එන්න තියෙන PlayStation 6 කොන්සෝලය ගැනයි. දැනට පවතින ආර්ථික තත්ත්වයන් සහ තාක්ෂණික අභියෝග නිසා අලුත් කොන්සෝලයක් එළිදැක්වීම ප්රමාද වුණත්, Sony සමාගම මේ වෙනකොටත් අලුත් පේටන්ට් බලපත්රයක් ලියාපදිංචි කරලා තියෙනවා. මේ අලුත් පාලකයේ (Controller) විශේෂත්වය තමයි දැනට තියෙන DualSense ටච්පෑඩ් එක වෙනුවට ගලවන්න පුළුවන් ආකාරයේ ටච්ස්ක්රීන් එකක් ඇතුළත් කිරීම. මේක ඇත්තටම ගේමින් අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්.
මේ අලුත් ටච්ස්ක්රීන් එක හරහා ක්රීඩකයන්ට කොන්සෝලයේ මෙනු, සැකසුම් සහ පණිවිඩ වගේ දේවල් ඉතා පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ පාලකයේ තියෙන විශේෂිත ඩයල් එකක් මගින් ඉක්මනින් මෙනු අතරේ එහා මෙහා යන්නත්, චුම්බක තාක්ෂණයෙන් කොටස් අවශ්ය විදිහට සකස් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ගේම් එකක් ප්ලේ කරද්දී එන නොටිෆිකේෂන් එකක් ආවොත්, ඒක බලන අතරතුර ස්වයංක්රීයව ගේම් එක පෝස් (Pause) වෙන්නත් මේ තාක්ෂණය උදව් වෙනවා.
කෙසේ වෙතත්, මේක තවමත් පේටන්ට් එකක් විතරයි. Sony සමාගම මීට කලිනුත් ගොඩක් අදහස් පේටන්ට් කරලා තිබුණත් ඒ හැම එකක්ම වෙළඳපොළට ආවේ නැහැ. ඒ නිසා මේ අලුත් පාලකය ඇත්තටම අපිට දකින්න ලැබෙයිද කියන එක ගැන තවමත් තියෙන්නේ සැකයක්. කොහොම වුණත්, PlayStation 6 ගැන එන මේ වගේ ආරංචි නිසා ගේමින් ලෝලීන් නම් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

Discussion & Feedback