Pinterest සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයන් වෙනුවෙන් අලුත්ම ‘Restyle’ නමින් විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. මේ තාක්ෂණය හරහා ඔබට ඔබේ නිවසේ කාමරයක ඡායාරූපයක් අරගෙන, ඒ තුළ විවිධ ගෘහ භාණ්ඩ, බිත්ති සැරසිලි හෝ වර්ණ වෙනස් කරන්නේ කොහොමද කියලා ඉතාම පහසුවෙන් අත්හදා බලන්න පුළුවන්. මේ සඳහා ඔවුන් Nvidia සමාගමේ බලගතු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන තියෙනවා. දැනට ඇමරිකාවේ සහ කැනඩාවේ පරිශීලකයන්ට පමණක් මේ පහසුකම බීටා අනුවාදයක් ලෙස ලැබෙන අතර, ඉදිරි මාසයේදී මෙය ලොව පුරාම ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ විශේෂාංගය හරහා ඔබට ඔබේ කාමරයේ තියෙන දේවල් ඉවත් කරන්න, අලුත් දේවල් එකතු කරන්න හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විලාසිතාවකට (උදාහරණයක් ලෙස Bohemian හෝ Industrial විලාසිතා) ඔබේ කාමරය වෙනස් කරලා බලන්න පුළුවන්. Pinterest කියන්නේ කලක පටන්ම අදහස් ලබාගන්නා තැනක් නිසා, දැන් ඒ අදහස් සැබෑවටම ඔබේ නිවසට ගැලපෙනවාද කියලා බලාගන්න මේ AI තාක්ෂණය ලොකු උදව්වක් වෙනවා. මේ නිසා ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවා ඔබේ නිවසේ පෙනුම කොහොමද කියලා තීරණය කරන්න මේක ඉතාම පහසු ක්‍රමයක් වේවි. ඇත්තටම මේක ගෘහ අලංකරණය ගැන උනන්දු අයට ලැබුණු සුපිරි අවස්ථාවක්.

Discussion & Feedback