ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (flydubai) ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩබෑමට සිදුවුණා. සැප්තැම්බර් 30 වැනිදා සිදුවූ මෙම සිදුවීමට හේතුවී ඇත්තේ ගුවන් යානය පියාසර කරමින් තිබියදී නියමුවන් දෙදෙනා අතර ඇතිවූ බරපතළ ගැටුමක් බවයි වාර්තා වෙන්නේ. මේ නිසා ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණා.
ගුවන් යානයෙන් හදිසි සංඥා නිකුත් වීමත් සමඟ මෙය පැහැරගැනීමක් විය හැකි බවට සැකයක් මතුවූ නිසා ඊශ්‍රායල බලධාරීන් වහාම ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් අහසට යොමු කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත්, පසුව සිදුකළ විමර්ශනවලදී මෙය පැහැරගැනීමක් නොවන බවත්, නියමුවන් අතර ඇතිවූ ශාරීරික ගැටුමක් හේතුවෙන් යානය ගොඩබෑමට සිදුවූ බවත් තහවුරු වුණා. වාසනාවකට මෙන් යානයේ සිටි සියලුම මගීන් කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව සිටිනවා.
මේ වන විට ෆ්ලයි ඩුබායි ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ එක්ව මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. මගීන් නැවත ඊශ්‍රායලය වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවයි බලධාරීන් පවසන්නේ. ගුවන් ගමනක් අතරතුර නියමුවන් දෙදෙනෙකු මෙවැනි ගැටුමකට මැදිවීම ලෝකය පුරාම විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback