පොකෙමන් කියන්නේ දශක තුනක් තිස්සේ ලෝකයම ආදරය කරන ජනප්රියම නිර්මාණයක්නේ. ඉතින් මේ ගමනේදී පිකාචු කියන චරිතය නොයෙක් විදිහට අපිට දකින්න ලැබුණා. මේ දවස්වල පොකෙමන් සමාගම තමන්ගේ 30 වැනි සංවත්සරය සමරන නිසා පිකාචුගේ අලුත්ම පෙනුමක් සහිත ‘වෙඩින් කිමෝනෝ’ (Wedding Kimono) ප්ලෂ් සෙල්ලම් බඩු පෙළක් එළිදක්වලා තියෙනවා. මේක ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. පිරිමි පිකාචු කළු පැහැති කිමෝනාවකින් සැරසිලා ඉන්න අතරේ ගැහැණු පිකාචු මනාලියක් වගේ ඇඳුමකින් සැරසිලා ඉන්නවා. මේවා ඇත්තටම විවාහ මංගල්යයකට තෑග්ගක් විදිහට දෙන්න හරිම අපූරුයි.
පොකෙමන් සමාගම මීට කලිනුත් නත්තල්, හැලොවීන්, උපාධි ප්රදානෝත්සව වගේ විශේෂ අවස්ථාවලට ගැලපෙන විදිහට පිකාචුගේ විවිධ පෙනුම් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම මුල්ම කාලේ හිටපු ‘ෆැට් පිකාචු’ (Fat Pikachu) නිර්මාණයත් ආයෙමත් වෙළඳපොළට ආවා. මේ අලුත්ම වෙඩින් කිමෝනෝ පිකාචු එකක් ඩොලර් 29.99ක මිලකට පොකෙමන් සෙන්ටර් හරහා මිලදී ගන්න පුළුවන්. විවාහ මංගල උත්සවයක සැරසිල්ලක් විදිහට වුණත් මේවා පාවිච්චි කරන්න පුළුවන් නිසා පොකෙමන් රසිකයන් අතර මේක ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ වසරේදී තවත් අලුත් නිර්මාණ රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි ආරංචි වෙන්නේ.

Discussion & Feedback