සාමාන්‍යයෙන් අඩි කිහිපයක උසකින් බිමට වැටුණොත් අපේ ෆෝන් එක කුඩු වෙන්න පුළුවන්. හැබැයි හිතාගන්නවත් බැරි තරම් උසකින්, ඒ කියන්නේ මීටර් 30,607ක් උඩ ඉඳන් බිමට වැටුණු ජංගම දුරකථනයක් කිසිම සීරීමක්වත් නැතුව බේරිලා තියෙනවා. මේ අපූරු සිදුවීම වාර්තා වෙන්නේ ස්වීඩනයේ එස්රේන්ජ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිතවයි. රයිනෝෂීල්ඩ් (RHINOSHIELD) කියන සමාගම විසින් නිෂ්පාදනය කරපු විශේෂිත ෆෝන් කේස් එකක ආරක්ෂාව යටතේ තමයි මේ දුරකථනය අභ්‍යවකාශ බැලූනයක් මගින් ඉහළ අහසට යවලා තියෙන්නේ. ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවන්න කරපු මේ අත්හදා බැලීම සඳහා කිසිම පැරෂූට් එකක් භාවිතා කරලා නැහැ.
මේ ෆෝන් එක වැටුණු උස සාමාන්‍ය ගුවන් යානයක් පියාසර කරන උස වගේ තුන් ගුණයකටත් වැඩියි. එවරස්ට් කන්දේ උස වගේ තුන් ගුණයක් තරම් ඉහළ අහසේ ඉඳන් වැටුණත්, වාහනවල තියෙන එයාර් බෑග් තාක්ෂණයට සමාන තාක්ෂණයකින් හදපු මේ කේස් එක නිසා ෆෝන් එකට කිසිම හානියක් වෙලා නැහැ. වැටුණු ෆෝන් එක හොයාගන්න කණ්ඩායමට පැය පහකට වැඩි කාලයක් ගත වුණා. පරිසරයට හානියක් නොවෙන විදිහට හදපු මේ කේස් එකේ ශක්තිමත් බව ලෝකෙටම පෙන්නන්න මේ පරීක්ෂණය උදව් වුණා කියලා තමයි සමාගම කියන්නේ. ඇත්තටම මේක තාක්ෂණික ලෝකයේ හරිම පුදුම හිතෙන වාර්තාවක්.

Discussion & Feedback