දකුණු කොරියාවේ පැවති සෝල් ආරක්ෂක සමුළුවක් අතරතුරදී පිලිපීන ආරක්ෂක ඇමති ගිල්බෙර්ටෝ ටියෝඩෝරෝ මහතා අත්විඳි අත්දැකීමක් මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. ඔහු වේදිකාවේ කතා කරමින් ඉන්න අතරතුර චීන නියෝජිතයෙක් කියලා සැක කෙරෙන පුද්ගලයෙක් ඔහු ළඟට ඇවිත් දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සඳහන් කරපු ලිපියක් මේසය මත තබා තිබෙනවා. මේ සිදුවීම නිසා ටියෝඩෝරෝ මහතා තමන්ගේ කතාව නවත්වලා, ඒ ලිපිය ප්‍රසිද්ධියේ කියවමින් චීනයේ මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළා.
එතැනදී ඔහු කිව්වේ, ජාත්‍යන්තර සමුළුවකදී මෙවැනි හැසිරීමක් පෙන්වීම කිසිසේත්ම අනුමත කරන්න බැරි බවයි. චීනය ජාත්‍යන්තර නීති සහ එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීති සම්මුතිය පවා නොතකා හරිමින් මෙවැනි බලහත්කාරී සහ හිරිහැරකාරී ක්‍රියාවල නිරත වෙන බව ඔහු පෙන්වා දුන්නා. “මේක චීනයේ බංකොලොත්භාවය සහ ඔවුන්ගේ අසාර්ථක ස්ථාවරය පෙන්නුම් කරන අවස්ථාවක්” කියලා ඔහු වැඩිදුරටත් කිව්වා. තමන්ගේ රටේ දේශසීමා සහ ආර්ථික කලාපය ආරක්ෂා කරගන්න පිලිපීනය නිරන්තරයෙන් සටන් කරන බවත්, චීනයේ මේ අයුතු බලපෑම්වලට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. මේ සිදුවීම හරහා චීනය සහ පිලිපීනය අතර පවතින උණුසුම් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බව පැහැදිලිවම දැකගන්න පුළුවන්.

Discussion & Feedback