නෝර්වේ රාජ්‍යයට අයත් ස්වල්බාර්ඩ් දූපත් සමූහයේදී නිදාගෙන හිටපු හිම වලහෙක්ව අනවශ්‍ය විදිහට ඇහැරවපු පුද්ගලයෙක්ට ලොකු දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ උත්තර ධ්‍රැවයට කිලෝමීටර් දාහක් විතර දුරින් තියෙන ෆියෝඩ් එකක යාත්‍රාවක් ගමන් කරද්දී. යාත්‍රාවේ හිටපු කෙනෙක් හිතාමතාම නැවේ තියෙන ෆොග් හෝන් එක (foghorn) නාද කරලා නිදාගෙන හිටපු හිම වලහාව ඇහැරවලා තියෙනවා. මේ වැඩේ නිසා වලහා බය වෙලා වෙනත් තැනකට යන්නත් සිද්ධ වුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට නෝර්වේ බලධාරීන් විසින් නෝර්වීජියානු ක්‍රෝන 50,000ක දඩයක් නියම කරලා තියෙනවා. ස්වල්බාර්ඩ් ප්‍රදේශයේ නීතියට අනුව හිම වලසුන් කියන්නේ 1972 ඉඳන් ආරක්ෂිත සත්ත්ව විශේෂයක්. ඒ නිසා කිසිම කෙනෙක්ට මේ සත්ත්වයන්ව අනවශ්‍ය විදිහට බාධා කරන්න, ලං වෙන්න හෝ පන්නන්න අවසරයක් නැහැ. මේ නීතිය කඩ කරන අයට මීට කලිනුත් දඩ ගහලා තියෙනවා. පසුගිය කාලේ සංචාරකයෙක් වල්රස් සතෙක්ට ලං වෙලා දඩ කෑපු සිද්ධියකුත් වාර්තා වුණා.
ස්වල්බාර්ඩ් පරිසර නීතියට අනුව එහෙ ඉන්න හිම වලසුන්, සීල් මසුන්, තල්මසුන් වගේ සත්ත්වයන්ට කිසිම කරදරයක් නොවෙන විදිහට තමයි හැමෝම හැසිරෙන්න ඕනේ. මේ පුද්ගලයා තමන් කරපු වැරැද්ද පිළිගෙන දඩ මුදල ගෙවන්නත් එකඟ වෙලා තියෙනවා. වන සතුන්ගේ නිදහසට බාධා කරන මෙවැනි ක්‍රියා තවදුරටත් නීතියෙන් තදින්ම පාලනය කරන්න බලධාරීන් පියවර අරන් තියෙනවා.

Discussion & Feedback