ලොව පුරා දරුවන්ගේ ආදරය දිනාගත් ‘පෙප්පා පිග්’ (Peppa Pig) කාටූන් මාලාව මේ දිනවල අලුත්ම ආන්දෝලනයකට ලක්වෙලා තියෙනවා. ඒ, එම කාටූන් මාලාවේ හඬ කවන ළමා රංගන ශිල්පීන්ගේ හඬ, කෘත්රිම බුද්ධිය (AI) හරහා නැවත භාවිත කිරීමට ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට හස්බ්රෝ (Hasbro) සමාගම උත්සාහ කිරීම නිසයි. මේ වගේ කොන්දේසි නිසා දරුවන්ගේ හඬ සහ අනන්යතාවය අනාගතයේදී අනිසි ලෙස භාවිත වේවි කියලා බොහෝ දෙනෙක් බියක් පළ කරනවා.
මේ සම්බන්ධයෙන් ‘ඒජන්ට්ස් ඔෆ් යන්ග් පර්ෆෝමර්ස් ඇසෝසියේෂන්’ (AYPA) සංවිධානය ඇතුළු පිරිසක් විවෘත ලිපියක් යොමු කරමින් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දරුවන්ට තමන්ගේ හඬ සම්බන්ධයෙන් නීතිමය තීරණ ගැනීමේ හැකියාවක් නොමැති නිසා, මෙවැනි කොන්දේසි ‘ගන්නවා නම් ගන්න, නැත්නම් යන්න’ වැනි බලහත්කාරී ස්වරූපයකින් ඉදිරිපත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. දරුවන්ගේ අනාගත වෘත්තීය අනන්යතාවය කෘත්රිම බුද්ධියකට බිලි දීම බරපතළ වරදක් බවත් ඔවුන් අවධාරණය කරනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් හස්බ්රෝ සමාගම පවසන්නේ තමන් ළමා රංගන ශිල්පීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවයි. කෙසේ වෙතත්, කෘත්රිම බුද්ධිය සම්බන්ධයෙන් කර්මාන්තයේ පවතින නව ප්රවණතා හමුවේ වගකීමෙන් සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මේ ගැටලුව නිසා දරුවන්ගේ අයිතිවාසිකම් සහ තාක්ෂණයේ භාවිතය අතර පවතින ගැටුම තවදුරටත් උණුසුම් වී තිබෙනවා.

Discussion & Feedback