මේ දවස්වල රටේ තියෙන බඩු මිල වැඩිවීම සහ ජීවන වියදම සම්බන්ධයෙන් ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අත්අඩංගුවට ගැනීම්, පරීක්ෂණ සහ උසාවි තීන්දු ගැන අනාවැකි කියමින් පොලිසිය හෝ අධිකරණය මෙහෙයවන ආකාරයට කටයුතු කරනවා වෙනුවට, ජනතාවගේ මේ ප්රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. නීතියේ වැඩේ නීතියට කරන්න ඉඩ දිය යුතු බවත්, ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ වගේම, පිරිසිදු පාලනයක් ගේනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුවටත් දැන් දූෂණ චෝදනා එල්ල වෙමින් පවතින බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ඇමතිවරුන් වගකීමක් නැතිව ධනය රැස් කරන බවට චෝදනා එල්ල වුණත්, අල්ලස් කොමිසම ඒ ගැන නිසි පියවරක් නොගැනීම ගැටලුවක් බවයි ඔහු කියන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම් ගැන කතා කරමින් කාලය ගත කරන්නේ නැතුව, රටේ ආර්ථික අර්බුදය සහ මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ජනතාවගේ ප්රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරනවා.

Discussion & Feedback