සෞඛ්‍ය ක්ෂේත්රයේ ‘ග්‍රේටා තන්බර්ග්’ ලෙසින් හැඳින්වෙන තරුණ මානුෂීය ක්‍රියාකාරිකයෙක් වන ටියුන් ටෝබස්ගේ ජීවිතය සහ ඔහු සිදුකරන සමාජ මෙහෙවර අලලා නිර්මාණය කළ ‘හියුමන් ෆොරෙවර්’ (Human Forever) නමැති වාර්තා චිත්‍රපටය මේ වන විට ලොව පුරා විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. නෙදර්ලන්තයේ සුපර් සෙවන් ප්රඩක්ෂන්ස් ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම වාර්තා චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රකට PBS නාලිකාව විසින් මිලදී ගෙන තිබෙන අතර, ඕස්ට්‍රේලියාවේ SBS සහ අයිස්ලන්තයේ RUV නාලිකා හරහාත් මෙය විකාශය කිරීමට නියමිතයි. නෙදර්ලන්ත සිනමා ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ මානව හිතවාදී වාර්තා චිත්‍රපටය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වී අවසන්.
මෙම වාර්තා චිත්‍රපටය හරහා ටියුන් ටෝබස් සහ අධ්යක්ෂ ජොනතන් ඩි ජොන්ග් වසර තුනක් පුරා රටවල් 11ක සංචාරය කරමින් ඩිමෙන්ශියා රෝගීන්ගේ ජීවන තත්ත්වය නංවාලිය හැකි ආකාරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඔවුන්ගේ මෙම ගවේෂණය ඔක්ස්ෆර්ඩ් සහ කෝනෙල් වැනි ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලවල පවා අධ්‍යාපනික වැඩසටහන් සඳහා යොදාගෙන තියෙනවා. හුදෙක් රෝගයේ අභියෝග ගැන කතා කරනවාට වඩා, ප්‍රායෝගික විසඳුම් සහ බලාපොරොත්තු සහගත ප්රවේශයන් ගැන මෙම චිත්‍රපටයෙන් කතා කරන නිසා ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ට මෙය ඉතා වැදගත් අත්දැකීමක් වේවි. ඉදිරියේදී මෙම ගවේෂණය ඇතුළත් පොතක්ද එළිදැක්වීමට නියමිත අතර, එයින් ඩිමෙන්ශියා රෝගීන් වෙනුවෙන් වඩාත් යහපත් ලෝකයක් ගොඩනැගීමට අවශ්‍ය මගපෙන්වීම් ලැබෙනු ඇතැයි නිෂ්පාදකවරුන් විශ්වාස කරනවා.

Discussion & Feedback