මේ දවස්වල ගොඩක් වෘත්තිකයන් කතා වෙන්නේ තමන්ට ගෙවන්න තියෙන PAYE බද්ද ගැනනේ. ඉතින් මේ ගැන අමාත්‍ය බිමල් රත්නායක මහතා රූපවාහිනී වැඩසටහනකදී අලුත්ම ඉඟියක් ලබා දීලා තියෙනවා. ඔහු කියන විදිහට වෘත්තිකයන්ට දැනට තියෙන බදු බර ගොඩක් වැඩියි කියලා රජය පිළිගන්නවා. ඒ නිසා ඉදිරි අයවැය හරහා මේ බදු බර අඩු කරන්න රජය බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන ගිවිසුම් සහ රටේ ආර්ථික තත්ත්වය ගැනත් රජයට හිතන්න වෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කිව්වේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ කොහොම හරි මේ බදු සහනය ජනතාවට ලබා දීම කියලයි. ඒ වගේම වැට් බද්ද ගැනත් ඔහු අදහස් දක්වලා තිබුණා. දැනට තියෙන වැට් බද්දත් වැඩියි කියලා රජය දන්නවා, හැබැයි ඒක අඩු කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුවයි. අලුතින් බදු පනවන්නේ නැතුව, තියෙන බදු ක්‍රමය විධිමත් කරලා සහ අනවශ්‍ය වියදම් කපලා රජය ආදායම් හොයනවා කියලත් ඔහු කිව්වා. ඉතින් ඉදිරි දවස් කිහිපයේ එන අයවැයෙන් වෘත්තිකයන් බලාපොරොත්තු වෙන ඒ සහනය ඇත්තටම ලැබෙයිද කියලා අපිට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback