හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්රිය අධ්යක්ෂවරයෙක් වන පෝල් ෆීග්, ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය ලෙස ‘ඩිටෙන්ෂන්’ (Detention) නමැති භීෂණ චිත්රපටය අධ්යක්ෂණය කිරීමට එකඟ වී තිබෙනවා. පසුගිය නත්තල් සමයේ තිරගත වූ ‘ද හවුස්මේඩ්’ (The Housemaid) චිත්රපටයේ දැවැන්ත සාර්ථකත්වයෙන් පසුව, ඊටත් වඩා අඳුරු සහ බියකරු කතා තේමාවක් සහිත චිත්රපටයකට දායක වීමට ඔහු තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම චිත්රපටය බ්ලූම්හවුස් ඇටොමික් මොන්ස්ටර් (Blumhouse Atomic Monster) සහ ප්ලැටිනම් ඩියුන්ස් (Platinum Dunes) යන ආයතනවල ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වීමට නියමිතයි.
මෙම චිත්රපටයේ තිර රචනය ඩැනියෙල් ගෝල්ඩ් විසින් සිදුකර ඇති අතර, මයිකල් බේ, ජේසන් බ්ලූම් සහ පෝල් ෆීග් ඇතුළු පිරිසක් නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරනවා. දැනට චිත්රපටයේ කතා සාරාංශය රහසක් ලෙස තබා ගැනීමට නිෂ්පාදක මණ්ඩලය පියවර ගෙන තිබුණත්, මෙය ප්රේක්ෂකයන්ව බියගන්වන සුළු අද්භූත ත්රාසජනක නිර්මාණයක් වනු ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ. පෝල් ෆීග් මීට පෙර ‘බ්රයිඩ්ස්මේඩ්ස්’, ‘ස්පයි’ සහ ‘අ සිම්පල් ෆේවර්’ වැනි අතිශය සාර්ථක චිත්රපට රැසක් අධ්යක්ෂණය කර ඇති නිසා, ඔහුගේ මෙම නවතම උත්සාහය ගැන සිනමා ලෝලීන් අතර ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
මෙම චිත්රපටය සඳහා තවමත් නිශ්චිත චිත්රාගාරයක් නම් කර නොමැති වුවත්, ප්ලැටිනම් ඩියුන්ස් සහ බ්ලූම්හවුස් ආයතන සමඟ පවතින සමීප සබඳතා හේතුවෙන් යුනිවර්සල් (Universal) චිත්රාගාරය හරහා මෙය බෙදාහැරීමට වැඩි ඉඩක් පවතිනවා. ‘ද හවුස්මේඩ්’ චිත්රපටයේ දෙවන කොටස වන ‘ද හවුස්මේඩ්ස් සීක්රට්’ (The Housemaid’s Secret) චිත්රපටයේ වැඩකටයුතුත් මේ වන විට සිදුවෙමින් පවතින අතර, පෝල් ෆීග්ගේ ඉදිරි සිනමා ගමන ඉතාමත් කාර්යබහුල එකක් වනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback