හොලිවුඩයේ ජනප්‍රිය නළු පෝල් බෙන්-වික්ටර් මේ දිනවල කතාබහට ලක්වෙලා ඉන්නවා. ඒ ඔහු වින්ස් වෝන්, තියෝ ජේම්ස් සහ පැට්රික් ස්වර්සෙනෙගර් රංගනයෙන් දායක වන ‘ද බුකී ඇන්ඩ් ද බෲසර්’ (The Bookie & The Bruiser) චිත්‍රපටයට සම්බන්ධ වී තිබීම නිසයි. මෙම චිත්‍රපටයේ ඔහු ප්‍රධාන දුෂ්ට චරිතය වන මාෆියා නායක ජෙනරල් ෆ්රැන්චෙස්කෝ විස්කුසෝ ලෙස රංගනයෙන් දායක වෙනවා. එස්. ක්‍රේග් සහ්ලර් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය 1959 නිව්යෝර්ක් නගරයේ පසුබිම් කරගෙන නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජීවිතය වෙනස් වූ මිතුරන් දෙදෙනෙකු නීතිවිරෝධී සූදු ව්‍යාපාරයක නිරත වෙමින් මාෆියා කල්ලි අතර සිදුවන ගැටුම්වලට මැදිවන අයුරු මෙම කතාවෙන් දිගහැරෙනවා. පෝල් බෙන්-වික්ටර් මීට පෙර ‘ද වයර්’ (The Wire) සහ ‘ද අයිරිෂ්මෑන්’ (The Irishman) වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ නළුවෙක්. ඔහු මේ වන විට ‘ලැන්ටන්ස්’ (Lanterns) කතාමාලාව ඇතුළු තවත් නිර්මාණ කිහිපයකම කාර්යබහුල නළුවෙක් ලෙස කටයුතු කරනවා.
පෝල්ගේ රංගන හැකියාව ගැන හොලිවුඩයේ බොහෝ දෙනා කතා කරන්නේ ඔහු ඕනෑම චරිතයකට ඉතාම ස්වභාවිකව පණ පොවන නිසයි. ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වීමට නියමිත ‘ද බෝයිස් ෆ්‍රොම් බ්‍රසීල්’ (The Boys from Brazil) සහ ඇල් පචිනෝ සමඟ රඟපාන ‘කිලින් කැස්ත්‍රෝ’ (Killing Castro) වැනි චිත්‍රපට හරහාත් ඔහුව අපට දැකගන්න පුළුවන්. ඔහුගේ රසිකයන් මේ නවතම චිත්‍රපටය එනතුරු බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.

Discussion & Feedback