ප්රංශයේ උතුරු ප්රදේශයේදී මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රූවන් සහ කාන් නගර අතර ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ මගීන් 180 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මැදිරි තුනක් පෙරළී ගොස් තිබෙනවා. මේ වන විට එම ප්රදේශය පොලිසිය විසින් වට කර ආරක්ෂාව තර කර ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන භටයන් 140 දෙනෙකු පමණ එම ස්ථානයට යොදවා තිබෙනවා.
තුවාල ලැබූවන් අතරින් 18 හැවිරිදි තරුණියකගේ තත්ත්වය බරපතල නිසා ඇයව හෙලිකොප්ටරයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ප්රංශ බලධාරීන් විසින් වහාම ක්රියාත්මක වන පරිදි හදිසි ආපදා සැලැස්මක් ද ක්රියාත්මක කර තිබෙනවා. මේ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති නිසා මගීන් වෙනුවෙන් බස් රථ සේවාවක් ක්රියාත්මක කිරීමට ප්රංශ දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා. අනතුර සිදුවූ ප්රදේශයට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback