දැන් අධිවේගී මාර්ගවල ගමන් කරනකොට ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද වාහනයක තියෙන සීට් බෙල්ට් ගණනට වඩා වැඩිපුර මගීන් ප්‍රමාණයක් වාහනයක ගමන් කරනවා නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පොලිසිය තීරණය කරලා තියෙනවා. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මේ ගැන විශේෂ දැනුම්දීමක් කරලා තියෙනවා. ඒ නිසා වාහනයක ගමන් කරනකොට තමන්ගේ ආරක්ෂාව ගැන වගේම නීතිය ගැනත් හිතන්න වෙනවා.
උදාහරණයක් විදිහට කිව්වොත්, වාහනයක පසුපස අසුනේ සීට් බෙල්ට් දෙකක් විතරයි තියෙන්නේ නම්, ඒ අසුනේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ මගීන් දෙන්නෙක් විතරයි. ගොඩක් දෙනෙක් කරන්නේ තුන්වෙනි කෙනෙක්ව මැදින් වාඩි කරගෙන සීට් බෙල්ට් එකක් නැතුව ගමන් කරන එක. හැබැයි දැන් එහෙම කරන්න බැහැ. එහෙම සීට් බෙල්ට් එකක් නැතුව මැද වාඩි වෙලා යන මගීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා පොලිසිය පැහැදිලිවම කියලා තියෙනවා.
මේ නීතිය ගෙනාවේ ඔයාලගේ ජීවිත ආරක්ෂා කරගන්නම තමයි. මොකද අධිවේගී මාර්ගවල වාහන අධික වේගයෙන් ධාවනය වෙන නිසා අනතුරක් වුණොත් සීට් බෙල්ට් එකක් නැති මගියෙක්ට සිද්ධ වෙන්න පුළුවන් හානිය හරිම වැඩියි. ඒ නිසා දඩ කන්න බලාගෙන නීතිය කඩන්නේ නැතුව, හැමෝම ආරක්ෂිතව ගමන් කරන්න වග බලා ගන්න. වාහනයක යද්දී තමන්ට වෙන් වෙලා තියෙන අසුනේ සීට් බෙල්ට් එක දාගෙනම ගමන් කරන්න අමතක කරන්න එපා.

Discussion & Feedback