ග්‍රීසියේ තෙසලෝනිකි ගුවන්තොටුපළෙන් ජර්මනියේ මෙමින්ගන් බලා පිටත් වුණු රයන් එයාර් ගුවන් යානයක හදිසියේම ඇති වුණු බිහිසුණු සිදුවීමක් ගැන මේ වන විට ලෝකයම කතා වෙනවා. ගුවන් යානය අහසේ පියාසර කරමින් තිබියදී හදිසියේම එහි තිබුණු ජනේලයක් ගැලවී යාම නිසා යානය ඇතුළත වායු පීඩනය එකවරම පහළ ගියා. මේ වෙලාවේ යානයේ හිටපු හැට හැවිරිදි මගියෙක් ජනේලයෙන් පිටතට ඇදී යාමට පටන් ගත් අතර, ඔහු ඉණ දක්වාම පිටතට එල්ලෙමින් තිබියදී අසල සිටි මගීන් පිරිසක් ඔහු අල්ලාගෙන නැවත ඇතුළට ඇද ගැනීමට සමත් වුණා. මේ සිදුවීමත් එක්කම යානයේ ඔක්සිජන් මාස්ක් පවා පහළට වැටී මගීන් දැඩි බියකට පත් වුණා.
මේ අනතුරත් එක්කම ගුවන් නියමුවන් වහාම ක්‍රියාත්මක වෙලා යානය නැවතත් තෙසලෝනිකි ගුවන්තොටුපළ වෙත ගොඩබස්වන්න පියවර ගත්තා. වාසනාවකට වගේ යානය ආරක්ෂිතව ගොඩබස්වන්න පුළුවන් වුණා වගේම, අනතුරට ලක්වුණු මගියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. පසුව මගීන්ව වෙනත් යානයකින් ඔවුන්ගේ ගමනාන්තය වෙත යවන්න ගුවන් සමාගම කටයුතු කළා. මේ ජනේලය ගැලවී ගියේ කොහොමද කියන එක ගැන මේ වන විට ග්‍රීක සහ මෝල්ටා ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණයක් පවත්වමින් ඉන්නවා. ඇත්තටම මේ වගේ සිදුවීමක් වෙන්න හේතුව තාමත් හරියටම හොයාගෙන නැහැ, ඒත් මගීන්ගේ ජීවිත බේරුණු එක නම් ලොකු වාසනාවක්.

Discussion & Feedback