ඩුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය සිගරට් තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට අරන් තියෙනවා. මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් තමයි මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ. මොහු ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කරන අවස්ථාවේදී තමයි නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර තිබෙන්නේ.
පොලිසිය පවසන විදිහට සැකකරු තමන් රැගෙන ආ ගමන් මලු දෙකක ඉතා සූක්ෂම ලෙස මෙම සිගරට් තොගය සඟවාගෙන ඇවිත් තියෙනවා. ගුවන්තොටුපළේදී සිදුකළ පරීක්ෂාවකදී මෙම නීතිවිරෝධී සිගරට් තොගය සොයාගන්නට නිලධාරීන්ට හැකි වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සිදුකරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර, ඔහුව ලබන අගෝස්තු 19 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි නීතිවිරෝධී භාණ්ඩ රට තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ බලධාරීන් මේ දිනවල දැඩි අවධානයකින් පසුවන බවත් අපට දැනගන්නට ලැබෙනවා.

Discussion & Feedback