දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ගුවන්තොටුපළේදී පසුගියදා අත්අඩංගුවට ගත් දුර්ලභ ගණයේ ගිරා බිත්තර තොගයකින් මේ වන විට පැටවුන් බිහි වෙමින් පවතිනවා. තායිලන්ත ජාතිකයෙක් තමන්ගේ අත් බෑගයක සඟවාගෙන ඉතා සූක්ෂම ලෙස මෙම බිත්තර 50ක් රටින් පිට කිරීමට උත්සාහ කරද්දී තමයි බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේ වන විට එම බිත්තර ප්‍රිටෝරියා ජාතික සත්වෝද්‍යානයේ විශේෂඥයන්ගේ රැකවරණය යටතේ තියෙන අතර, පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් දරමින් ඉන්නවා.
මෙම ජාවාරම්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින අතර, වරදකරු වුවහොත් ඔහුට වසර 10ක සිරදඬුවමක් හෝ විශාල මුදල් දඩයක් ගෙවීමට සිදුවනු ඇති. ජාත්‍යන්තරව ආරක්ෂා කර ඇති සත්ව විශේෂවලට අයත් මෙම බිත්තර මෙලෙස ජාවාරම් කිරීම වනජීවී ගහනයට බරපතළ තර්ජනයක් බවයි පරිසර අමාත්‍යවරයා පවසන්නේ. මීට පෙර ජූලි මාසයේදීත් මෙවැනිම ආකාරයකින් ගිරා බිත්තර 418ක් රැගෙන යාමට උත්සාහ කළ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.
දකුණු අප්‍රිකාව තුළ සිදුවන මෙවැනි වනජීවී ජාවාරම් මැඩපැවැත්වීමට එරට බලධාරීන් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම බුද්ධි අංශ සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම් මගින් මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත්, සතුන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙවැනි නීති විරෝධී ජාවාරම් ලොව පුරාම විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback