ඇමරිකාවේ දැවැන්ත මාධ්ය සමාගම් දෙකක් වන පැරමවුන්ට් (Paramount) සහ වෝනර් බ්රදර්ස් (Warner Bros) එකිනෙක ඒකාබද්ධ වීමට යන සැලසුම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා. ඩොලර් බිලියන 110ක වටිනාකමකින් යුත් මේ ගනුදෙනුව නතර කරන්න කියලා නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි ඇතුළු ප්රාන්ත නීතිපතිවරුන් 12 දෙනෙක් එකතු වෙලා නඩු පවරන්න පියවර අරගෙන තියෙනවා. මේ ඒකාබද්ධ වීම මහජනතාවට කිසිසේත්ම හිතකර එකක් නෙවෙයි කියලා නගරාධිපතිවරයා ප්රසිද්ධියේම ප්රකාශ කරලා තියෙනවා.
මම්දානි පවසන විදිහට මේ ගනුදෙනුව නිසා ඇමරිකානුවන් නරඹන චිත්රපට සහ කේබල් නාලිකා වලින් තුනෙන් එකක්ම එකම සමාගමක පාලනයට නතු වෙනවා. ඒ වගේම මේ නිසා කේබල් සහ ස්ට්රීමින් සේවා වල මිල ගණන් ඉහළ යන්නත්, නිව්යෝර්ක් නගරයේ කලාකරුවන් සහ විනෝදාස්වාද ක්ෂේත්රයේ සේවකයන් දහස් ගණනකගේ රැකියා අවදානමට ලක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සිනමාහල් වැසී යාමේ තර්ජනයක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා. හොලිවුඩ් සිනමාව සමඟ සමීප සබඳතාවක් තියෙන මම්දානි, තමන්ගේ ප්රාන්තයේ කලාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙලෙස පෙනී සිටීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.
මේ අතර පැරමවුන්ට් සමාගම පවසන්නේ මේ නඩුව නිසා විනෝදාස්වාද ක්ෂේත්රයේ සේවකයන්ට අවාසියක් සිදුවන බවයි. නමුත් නිව්යෝර්ක් නීතිපති ලෙටීෂියා ජේම්ස් පවසන්නේ මේ ඒකාබද්ධ වීම හරහා තරගකාරීත්වය සම්පූර්ණයෙන්ම නැති වී ගොස්, ගෝලීය වශයෙන් ප්රවෘත්ති සහ විනෝදාස්වාද ක්ෂේත්රය මත අසීමිත බලපෑමක් ඇති කරන දැවැන්ත සමාගමක් බිහිවන බවයි. පාරිභෝගිකයන්ට වැඩි බරක් පැටවෙන සහ රැකියා අවදානමට ලක්වන මේ ක්රියාවලිය නතර කිරීමට තමන් කැපවී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback