2000 දශකයේ අතිශය ජනප්රිය වුණු ආදර කතා චිත්රපටයක් වන ‘How to Lose a Guy in 10 Days’ හි දෙවන කොටසක් නිර්මාණය කිරීමට පැරාමවුන්ට් පික්චර්ස් ආයතනය මේ වන විට කටයුතු ආරම්භ කරලා තියෙනවා. කේට් හඩ්සන් සහ මැතිව් මැකොනගි රංගනයෙන් දායක වුණු මේ චිත්රපටය ලොව පුරා රසිකයන් අතර ලොකු ආදරයක් දිනාගත්තා. දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, කේට් හඩ්සන් මේ ව්යාපෘතියේ නිෂ්පාදකවරියක් විදිහට කටයුතු කරනවා. නමුත් ඇය සහ මැතිව් මැකොනගි නැවතත් ප්රධාන චරිතවලින් දකින්න ලැබෙනවාද කියන එක ගැන තවමත් නිශ්චිත තොරතුරක් ලැබිලා නැහැ.
පළමු චිත්රපටයේ කතාව ගෙතුණේ සඟරා ලේඛිකාවක් වන ඇන්ඩි ඇන්ඩර්සන් සහ දැන්වීම් ප්රචාරක විධායකයෙක් වන බෙන්ජමින් බැරී වටායි. දෙදෙනාම එකිනෙකා රවට්ටන්න උත්සාහ කළත්, අවසානයේ ඔවුන් සැබෑ ආදරයක පැටලෙන ආකාරය ප්රේක්ෂකයන්ට හරිම ලස්සනට බලාගන්න පුළුවන් වුණා. 2003 වසරේ තිරගත වුණු මේ චිත්රපටය ඇමරිකානු ඩොලර් මිලියන 178කට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින් ලොකු සාර්ථකත්වයක් ලැබුවා.
දැනට මේ දෙවන කොටස සඳහා තිර රචකයෙක් හෝ නිශ්චිත කතා තේමාවක් තවමත් තීරණය කරලා නැහැ. ඒ නිසා මේ චිත්රපටය ගැන ඉදිරියේදී ලැබෙන තොරතුරු මොනවාද කියලා දැනගන්න රසිකයන් ගොඩක් බලාගෙන ඉන්නවා. කොහොම වුණත්, ආයෙමත් මේ සුපිරි දෙපළ තිරය මත දකින්න ලැබෙනවා නම් ඒක රසිකයන්ට ලොකු සතුටක් වේවි.

Discussion & Feedback