පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ඔහුව වහාම රෝහල්ගත කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා. 2023 වසරේ සිට දූෂණ චෝදනා මත සිරගතව සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසක් පවතින බව ඔහුගේ නීතිඥවරු දිගින් දිගටම පෙන්වා දුන්නා. ඒ අනුව, ඉදිරි පැය 48 ඇතුළත ඔහුව ඉස්ලාමාබාද්හි පිහිටි ශිෆා ජාත්‍යන්තර රෝහල වෙත රැගෙන ගොස් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
මෙම නියෝගයත් සමඟම ඉම්රාන් ඛාන්ට තම පවුලේ සාමාජිකයන් හමුවීමට සහ තම දරුවන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට සතියකට වරක් අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත්, රෝහල්ගත කරන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් රෝහල අසල රැස්වීමෙන් වළකින ලෙස අධිකරණය සහ ඔහුගේ පක්ෂය වන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා. තමන්ට එල්ල වී ඇති චෝදනා දේශපාලන පළිගැනීම් බව ඉම්රාන් ඛාන් දිගින් දිගටම පවසන අතර, ඔහු තවමත් පාකිස්තාන දේශපාලනයේ දැඩි බලපෑමක් කළ හැකි චරිතයක් ලෙස රැඳී සිටිනවා.

Discussion & Feedback