මේ දවස්වල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා පකිස්ථානය ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ නිසාම එරට රජය ඉන්ධන ඉතිරි කරගන්න අලුත් නීති මාලාවක් හඳුන්වා දීලා තියෙනවා. මේ අනුව ඉස්ලාමාබාද් නුවර වෙළඳසැල් රාත්‍රී 9ටත්, විවාහ මංගල ශාලා රාත්‍රී 10ටත් වහන්න ඕනේ. අවන්හල් සහ කැෆේ රාත්‍රී 11ට වහන්න නියම කරලා තියෙනවා. හැබැයි බෙහෙත් ශාලා, රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා මේ නීති බලපාන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි, රජයේ නිල වාහන සඳහා ලබා දෙන ඉන්ධන දීමනාව 50%කින් කපන්නත් රජය තීරණය කරලා තියෙනවා. ඒ වගේම රජයේ නිලධාරීන්ගේ විදේශ සංචාර මාස තුනකට තහනම් කරලා තියෙන අතර, අත්‍යවශ්‍යම ගමනක් නම් ඉකොනොමි ක්ලාස් එකේ විතරයි යන්න පුළුවන් වෙන්නේ. අලුතින් වාහන මිලදී ගැනීම් නවත්වලා තියෙන අතර, රජයේ උත්සව සහ සාදවල වියදම් අඩු කරන්නත් පියවර අරන් තියෙනවා. මේ හැම දේම කරන්නේ රටේ ආර්ථිකය සහ ඉන්ධන සංචිත ආරක්ෂා කරගන්න කියලයි අගමැති ෂෙහ්බාස් ෂරීෆ් කියන්නේ.

Discussion & Feedback