මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයකම පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාව විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරපු අලුත්ම වාර්තාවලට අනුව, දිස්ත්‍රික්ක හයක පවුල් විසිහත් දහස් හාරසිය හැත්තෑපහකට අයත් පුද්ගලයින් අසූ අට දහස් හැට අට දෙනෙක් මේ වන විටත් පීඩාවට පත්වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ පිරිසෙන් බහුතරයකට පානීය ජලය ලබාගැනීමේ ගැටලුව තදින්ම බලපා තිබෙනවා.
මේ තත්ත්වය නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත් වෙලා පවුල් විසිහත් දහස් හතළිස් අටකට අයත් පුද්ගලයින් අසූ හය දහස් තුන්සිය හැට අට දෙනෙකුට පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරනවා. වැඩිම බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයටයි. එහි පමණක් පුද්ගලයින් තිස් හත් දහස් අටසිය අනූ දෙනෙකුට ජලය සැපයෙනවා. මීට අමතරව මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවටත් මේ වියළි කාලගුණය නිසා දැඩි අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.
මේ වියළි කාලගුණය තවදුරටත් පවතින නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්නා ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිගින් දිගටම මේ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරමින් සිටින අතර, තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Discussion & Feedback