මුලතිව්, පුට්ටුමතලන් වෙරළ තීරයේ තියෙන සැකකටයුතු මාලු එකතු කරන මධ්‍යස්ථානයක් වැටලූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තුව එකතු වෙලා පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන අල්ලපු මාලු කිලෝ 3200කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වැටලීම සිදුකරලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදා නැගෙනහිර නාවික විධානයේ ගෝඨාභය නාවික ආයතනයේ නිලධාරීන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකතු වෙලා. මේ විදිහට පරිසරයට හානි කරමින් නීති විරෝධී ලෙස මාලු අල්ලන ජාවාරම්කරුවන් ගැන නිරන්තරයෙන්ම නාවික හමුදාව අවධානයෙන් ඉන්නවා.
මේ සිද්ධියට සම්බන්ධව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්ව නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගත්ත මාලු තොගය සහ සැකකාර කාන්තාව වැඩිදුර නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කරලා තියෙන්නේ. මේ වගේ නීති විරෝධී ක්‍රියා නිසා මුහුදු සම්පත් විනාශ වෙනවා වගේම පරිසරයටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසාම ඉදිරියටත් මේ වගේ වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback