මේ දිනවල රටේ පවතින අධික බදු බර හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 2500කට වැඩි පිරිසක් 2021 වසරේ සිට මේ දක්වා රට හැර ගොස් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, වෘත්තිකයන් මත පැටවී ඇති 36%ක වැනි ඉහළ බදු බර නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි. ජීවන වියදම සහ උද්ධමනය ඉහළ ගොස් තිබියදී, පවතින බදු සහන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු තවමත් විසඳී නොමැති බවත් ඔවුන් පවසනවා.
රටේ ආර්ථික තත්ත්වය යම් මට්ටමකින් යහපත් අතට හැරෙමින් පවතින නිසා, රජයේ ආදායමට බාධාවක් නොවන පරිදි බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබෙනවා. බදු රහිත සීමාවන් සහ ආදායම් බදු අනුපාත වෙනස් කිරීම මගින් වෘත්තිකයන්ට සහනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙවැනි දක්ෂ වෘත්තිකයන් දිගින් දිගටම රට හැර යාමෙන් අනාගතයේදී රටට සිදුවිය හැකි බරපතළ හානිය පිළිබඳව ද ඔවුන් අනතුරු අඟවනවා. රටේ බුද්ධිමය සම්පත ආරක්ෂා කර ගැනීමට නම්, වෘත්තිකයන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඉදිරි අයවැය හරහා හෝ මේ සඳහා නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි වෛද්‍යවරුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback