ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා ආරම්භ කළ ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම හරහා මේ වන විට විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට ආරක්ෂක අංශ සමත්වෙලා තියෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කරන විදිහට, මේ මෙහෙයුම යටතේ සැකකරුවන් 230,248 දෙනෙක් අත්අඩංගුවට ගැනීමටත්, මත්ද්‍රව්‍ය කිලෝ 15,917ක් අත්අඩංගුවට ගැනීමටත් හැකිවෙලා තියෙනවා. මේ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, නාවික හමුදාව, රේගුව සහ විශේෂ කාර්ය බලකාය එකතු වෙලා තමයි දායක වෙන්නේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඒ සඳහා සැකකරුවන් 89,056ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් කිලෝ 2,608ක් සොයාගෙන තියෙනවා. මීට අමතරව හෙරොයින් කිලෝ 2,248ක් සහ ගංජා කිලෝ 7,481ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම කොකේන්, කුෂ් සහ හෂීෂ් වැනි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද මේ වැටලීම්වලදී සොයා ගැනීමට හැකි වුණා. මේ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයන්ට උදව් කරන පුද්ගලයන් ද ඉලක්ක කරගෙන වැටලීම් සිදු කරන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීම දිනපතාම සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback