කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය සැප්තැම්බර් 02 වැනිදා වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට හැකිවෙලා තියෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තියෙන්නේ 38 හැවිරිදි පුද්ගලයෙක්. මොහු සතුව තිබී හෙරොයින් කිලෝ 4.17ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8.055ක් පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් තුන් ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය මොහුට ලැබී ඇත්තේ දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හරහා බවයි. මේ වන විටත් කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙවැනි විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒම පිටුපස සිටින ජාලය පිළිබඳව සොයා බැලීම පොලිසියේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.

Discussion & Feedback