අපේ ක්ෂීරපථ මන්දාකිනිය ගැන හිතාගන්න බැරි තරම් අමුතු තොරතුරක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙනවා. ඒ තමයි, අතීතයේ කවදා හෝ දවසක අපේ මන්දාකිනියේ තැටිය අංශක 90කින් පෙරළී ගිහින් තියෙනවා කියන එක. සාමාන්‍යයෙන් මන්දාකිනියක තරු සහ වායු තියෙන්නේ තැටියක හැඩයට. නමුත් ක්ෂීරපථයේ තරු වල හැසිරීම් රටාවන් අධ්‍යයනය කරද්දී, ඒක අනිත් මන්දාකිනී වලට වඩා වෙනස් බව පර්යේෂකයන්ට තේරුණා. ඩර්හැම් විශ්වවිද්‍යාලයේ කිරිල් බාට්රකොව් ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සුපිරි පරිගණක ආකෘති භාවිතා කරලා කරපු පරීක්ෂණයකින් තමයි මේ ගැන හෙළි වුණේ.
මීට වසර බිලියන 8කටත් 11කටත් අතර කාලයේදී ‘ගයියා-සෝසේජ්-එන්සෙලාඩස්’ කියන වාමන මන්දාකිනිය අපේ ක්ෂීරපථයත් එක්ක ගැටීමක් සිද්ධ වුණා. මේ ගැටුම නිසා මන්දාකිනියේ තැටිය පෙරළී යන්න ඇති කියලා තමයි විද්‍යාඥයින් සැක කරන්නේ. මේ විදිහට තැටිය පෙරළීම සහ මන්දාකිනී ගැටුම් නිසා මන්දාකිනිය වටා තියෙන තරු වල භ්‍රමණය මන්දගාමී වෙනවා. මේ සිදුවීම අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් බලපෑවාද කියන එක ගැන තවමත් පර්යේෂණ කෙරෙනවා. කොහොම වුණත්, විශ්වයේ රහස් තවමත් අපිට හිතාගන්න බැරි තරම් සංකීර්ණයි කියන එක නම් මේ පර්යේෂණයෙන් හොඳටම පැහැදිලි වෙනවා.

Discussion & Feedback