ජපානයේ ප්රකට සිනමා අධ්යක්ෂ රියුසුකේ හමාගුචිගේ නවතම සිනමා නිර්මාණය වන ‘All Of A Sudden’ චිත්රපටය, 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්යන්තර වෘත්තාන්ත චිත්රපට කාණ්ඩය සඳහා ජපානය නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට තෝරාගෙන තියෙනවා. කෑන්ස් සිනමා උළෙලේදී ප්රේක්ෂකයන්ගෙන් විනාඩි 11ක අඛණ්ඩ අත්පොළසන් නාදයක් හිමිකර ගත් මෙම චිත්රපටය, එහි රංගනයෙන් දායක වූ වර්ජිනී එෆිරා සහ ටාඕ ඔකමොටෝ යන දෙදෙනාටම හොඳම නිළිය සඳහා වන සම්මාන දිනා දීමට සමත් වුණා.
ප්රංශය සහ ජපානය පසුබිම් කරගෙන නිර්මාණය වී ඇති මෙම කතාව, වැඩිහිටි නිවාසයක අධ්යක්ෂවරියක වන මාරි-ලූ සහ පිළිකා රෝගයෙන් පෙළෙන ජපන් රංග පීඨ අධ්යක්ෂවරියක වන මාරි අතර ඇතිවන ගැඹුරු මිත්රත්වය වටා ගෙතී තිබෙනවා. වැඩිහිටියන්ට ගෞරවයෙන් සහ ආදරයෙන් සලකන නව්ය ක්රමවේදයක් හඳුන්වා දීමට මාරි-ලූ දරන උත්සාහය සහ ඇය මුහුණ දෙන අභියෝග මෙන්ම, මාරි සමඟ එක්ව ඔවුන් කළ නොහැකි දේ කළ හැකි බව ඔප්පු කිරීමට දරන උත්සාහය මෙහි ඉතා සංවේදීව නිරූපණය කර තිබෙනවා.
මෙම චිත්රපටය මාකිකෝ මියානෝ සහ මාහෝ ඉසෝනෝගේ පොතක් ඇසුරින් නිර්මාණය වී ඇති අතර, එහි තිර රචනය හමාගුචි සහ ලියා ලෙ ඩිම්නා විසින් සිදු කර තිබෙනවා. ජාත්යන්තර නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් නිර්මාණය වූ මෙම සිනමාපටය නොවැම්බර් 25 වැනිදා සිට සිනමාහල්වල තිරගත වීමට නියමිතයි. ලෝක සිනමා ලෝලීන් මේ වන විටත් මෙම සිනමා කෘතිය පිළිබඳව විශාල බලාපොරොත්තුවකින් පසුවනවා.

Discussion & Feedback