ඉදිරියේදී පැවැත්වෙන 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්යන්තර වෘත්තාන්ත චිත්රපටය කාණ්ඩය සඳහා ඊජිප්තුව නියෝජනය කිරීමට ‘ද ස්ටෝරීස්’ (The Stories) චිත්රපටය තෝරාගෙන තියෙනවා. අබු බකර් ෂව්කි විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය 1960 දශකයේ අගභාගයේ සිට 1980 දශකය දක්වා ඊජිප්තුවේ පැවති කැළඹිලි සහිත කාලවකවානුව පසුබිම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි ප්රධාන චරිතයට පණ පොවන්නේ බ්රිතාන්ය-ඊජිප්තු නළු අමීර් එල්-මස්රි. ඔහු මෙහි දක්ෂ පියානෝ වාදකයෙක් විදිහට රංගනයෙන් දායක වෙනවා.
මේ කතාව ගෙතෙන්නේ 1967 වසරේදී ලිපි හුවමාරු කරගන්නා ඔස්ට්රියානු තරුණියක් සහ ඊජිප්තු පියානෝ වාදකයා අතර ඇතිවන මිත්රත්වය වටායි. අධ්යක්ෂවරයාගේම දෙමාපියන්ගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්රපටය, දැනටමත් ජාත්යන්තර සිනමා උළෙල කිහිපයකදීම විශාල අවධානයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාර්තේජ් සිනමා උළෙලේදී හොඳම චිත්රපටයට හිමි ගෝල්ඩන් ටැනිට් සම්මානය දිනාගැනීමටත් මේ නිර්මාණය සමත් වුණා. නෙල්ලි කරීම්, අහමඩ් කමල් ඇතුළු ප්රවීණ නළු නිළියන් රැසක් මේ චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා.
මෙම චිත්රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සිනෙනොවෝ, ෆිල්ම් ක්ලිනික් ඇතුළු නිෂ්පාදන ආයතන කිහිපයක එකතුවකින්. ලෝක සිනමා රසිකයන් අතර මේ වන විටත් ලොකු කතාබහක් ඇති කරලා තියෙන ‘ද ස්ටෝරීස්’ චිත්රපටය ඔස්කාර් වේදිකාවේදී මොන වගේ ජයග්රහණයක් ලබයිද කියලා බලන් ඉන්න සිනමා ලෝලීන් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.

Discussion & Feedback