ටෙනිස් පිටියේ විලාසිතා රැජින විදිහට හැඳින්වෙන නයෝමි ඔසාකා මෙවර විම්බල්ඩන් තරගාවලියට එක්වුණේ හරිම අපූරු විදිහකට. විම්බල්ඩන් තරගාවලියේ තියෙන දැඩි නීති රීතිවලට ගරු කරමින්, ඇය සම්පූර්ණයෙන්ම සුදු පැහැති ජපන් සාම්ප්‍රදායික ‘කිමෝනාවක්’ ඇඳගෙන තරග පිටියට පැමිණීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. තමන්ගේ ජපන් සහ හයිටි සම්භවයට ගෞරවයක් විදිහට මේ ඇඳුම තෝරාගත්ත බව ඇය පවසනවා. විශේෂයෙන්ම ‘කිල් බිල්’ චිත්‍රපටයේ එන සුදු පැහැති කිමෝනාව තමන්ට ලොකු ආභාෂයක් වුණු බවත්, විම්බල්ඩන්වල තියෙන සුදු පැහැති සම්ප්‍රදායත් එක්ක මේක හොඳින්ම ගැලපෙන බවත් ඇය සඳහන් කළා.
තරගයට යන අතරමගදී රසිකයන් ඇය දෙස පුදුමයෙන් බලා සිටි ආකාරය තමන්ට හොඳින් දැනුණු බවත්, ඒක හරිම විනෝදජනක අත්දැකීමක් වුණු බවත් ඔසාකා කියනවා. ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදීත්, ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදීත් මෙවැනිම විචිත්‍රවත් ඇඳුම් පැළඳුම්වලින් සැරසී රසිකයන් මවිත කළා. කෙසේ වෙතත්, මේ වගේ ඇඳුම් ඇඳගෙන තරග කිරීම තමන්ට අමතර පීඩනයක් ගෙන දෙන බවත් ඇය පවසනවා. මොකද හොඳින් දස්කම් දක්වමින් ඉදිරියට ගියොත් විතරයි තමන්ට මේ වගේ ඇඳුම් දිගටම අඳින්න ලැබෙන්නේ කියලා ඇය හිතන නිසා. දියණිය ලැබීමෙන් පසුව නැවතත් ටෙනිස් පිටියේ ජයග්‍රහණ කරා යන ඔසාකා, මෙවර විම්බල්ඩන් තරගාවලියේදී තමන්ගේ උපරිම දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback