ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම මේ දිනවල අලුත්ම වැඩකට අත ගහලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේම කියලා AI තාක්ෂණයෙන් බලගැන්වෙන ස්මාර්ට් ස්පීකරයක් හඳුන්වා දීම. මේ උපකරණය සාමාන්‍ය ස්පීකරයකට වඩා වෙනස් විදිහට ‘ඩෝනට්’ එකක හැඩයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේක උසස් තත්ත්වයේ ලෝහයකින් නිම කරලා තියෙන නිසා ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවා. විශේෂම දේ තමයි මේ උපකරණයේ චලනය විය හැකි කොටස් කිහිපයක්ම අන්තර්ගත වීම. ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන නිර්මාණ ශිල්පී ජොනී අයිව්ගේ ‘LoveFrom’ ආයතනයත් එක්ක එකතු වෙලා තමයි මේ අලුත් නිර්මාණය එළියට එන්නේ.
මේ උපකරණය වෙළඳපොළට එනකොට ඇමරිකානු ඩොලර් 300ත් 400ත් අතර මිලක් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. සාමාන්‍ය ස්මාර්ට් ස්පීකරවලට වඩා මේ මිල ගණන් ටිකක් වැඩි වුණත්, ChatGPT තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතයට තවත් සමීප කරවන්න මේක ලොකු උදව්වක් වෙයි. කොහොම වුණත්, මේ වගේ උපකරණයක් සාර්ථක වෙළඳපොළක් හදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම ඇපල් සමාගම සහ OpenAI අතර පවතින නීතිමය ගැටලුත් මේ ගමනට යම් බාධාවක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, 2027 වසරේදී අපිට මේ අමුතුම ආකාරයේ AI ස්පීකරය වෙළඳපොළේ දකින්න ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback