ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම මේ දිනවල අලුත්ම තාක්ෂණික උපකරණයක් ගැන වැඩ කරමින් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ. මේක හරියටම කිව්වොත් AI තාක්ෂණයෙන් බලගැන්වෙන ස්මාර්ට් ස්පීකරයක්. මේ උපකරණය දෝනට් එකක හැඩයට නිර්මාණය කරලා තියෙන නිසා ඕනෑම තැනක පහසුවෙන් තියාගන්න පුළුවන්. ඒ වගේම මේක හදලා තියෙන්නේ උසස් තත්ත්වයේ ලෝහවලින් නිසා හරිම පෙනුමක් තියෙනවා. විශේෂම දේ තමයි මේකේ චලනය වන කොටස් කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙන එක. ඇපල් සමාගමේ හිටපු ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පී ජොනී අයිව්ගේ ‘LoveFrom’ ආයතනයත් එක්ක එකතු වෙලා තමයි මේ අලුත් නිර්මාණය එළිදක්වන්න සැලසුම් කරලා තියෙන්නේ.
මේ ස්මාර්ට් ස්පීකරයේ මිල ඇමරිකානු ඩොලර් 300ත් 400ත් අතර වෙන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. සාමාන්‍ය ස්මාර්ට් ස්පීකරවලට වඩා මේකේ මිල ටිකක් වැඩියි. කොහොම වුණත්, මේ උපකරණය 2027 වසරේදී වෙළඳපොළට නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතරේ, OpenAI සමාගම සහ ඇපල් සමාගම අතර තාක්ෂණික රහස් සොරකම් කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුත් මතුවෙලා තියෙනවා. OpenAI සමාගම මේ චෝදනා ප්‍රතික්ෂේප කළත්, මේ වගේ අභියෝග මැද ඔවුන් කොහොමද මේ අලුත් උපකරණය සාර්ථකව වෙළඳපොළට ගේන්නේ කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback