OpenAI ආයතනයේ සේවය කළ ප්රමුඛ පෙළේ පර්යේෂකයෙක් වන මයිල්ස් වැන්ග්, කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නව ඖෂධ සොයා ගැනීමේ අරමුණින් නවතම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. වාර්තා වන පරිදි, ඔහු මේ සඳහා ඩොලර් මිලියන 200ක ආයෝජනයක් ලබා ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර, ඔහුගේ මෙම නව සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 2ක් ලෙස තක්සේරු කර තිබෙනවා. OpenAI ආයතනයේ තවත් පර්යේෂකයන් කිහිප දෙනෙක්ම ඔහු සමඟ මෙම ගමනට එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ.
මෙම නව සමාගම මගින් දැනට භාවිතයේ පවතින ඖෂධවල නව ගුණාංග සොයා ගැනීමට සහ අසාර්ථක වූ ඖෂධ පර්යේෂණ නැවත සාර්ථක කර ගැනීමට අවශ්‍ය AI ආකෘති නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් Chai Discovery සහ Isomorphic Labs වැනි සමාගම් AI තාක්ෂණය උපයෝගී කරගෙන ඖෂධ ක්ෂේත්රයේ විශාල පෙරළියක් කරමින් සිටිනවා. මයිල්ස් වැන්ග්ගේ මෙම පියවරත් සමඟ ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණයෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇති බවටයි ආයෝජකයන් විශ්වාස කරන්නේ.
හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබමින් සිටියදී OpenAI හා සම්බන්ධ වූ මයිල්ස් වැන්ග්, විද්‍යාත්මක සොයාගැනීම් වේගවත් කිරීම සඳහා AI භාවිතය පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම මූල්‍යමය තොරතුරු සම්බන්ධයෙන් ඔහු තවමත් නිල වශයෙන් අදහස් දක්වා නැහැ. කෙසේ වෙතත්, තරුණ ව්‍යවසායකයන්ගේ මෙවැනි නව්‍ය අදහස් ඉදිරියේදී වෛද්‍ය ක්ෂේත්රයේ විශාල වෙනසක් ඇති කරනු ඇති බව නම් පැහැදිලියි.

Discussion & Feedback