OpenAI සමාගම තමන්ගේ දෙවන විශාලතම වෙළඳපොළ වන ඉන්දියාවේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා විශේෂ පියවරක් අරගෙන තියෙනවා. ඒ අනුව, Uber සමාගමේ ඉන්දීය සහ දකුණු ආසියානු කලාපයේ හිටපු සභාපති ප්රභ්ජීත් සිංව, ඉන්දියාවේ OpenAI ප්රථම කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී ඔහු සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිත අතර, ඉන්දියාවේ පාරිභෝගික වර්ධනය, ව්යාපාරික හවුල්කාරිත්වයන් සහ රජය සමඟ සම්බන්ධීකරණ කටයුතු ඇතුළු සමස්ත මෙහෙයුම් වගකීම ඔහු සතු වෙනවා.
පසුගිය කාලයේදී OpenAI සමාගම ඉන්දියාව තුළ සිය කාර්යාල ජාලය පුළුල් කරමින් නව දිල්ලිය, මුම්බායි සහ බැංගලෝර් නගරවල සිය පැවැත්ම තහවුරු කර ගත්තා. විශේෂයෙන්ම Reliance සහ Tata Group වැනි දැවැන්ත සමාගම් සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගනිමින්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන AI තාක්ෂණික ඉල්ලුම සපුරාලීමට ඔවුන් උත්සාහ කරනවා. දැනටමත් ඉන්දියාවේ ChatGPT භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා, ඉදිරියේදී තවත් තාක්ෂණික විශේෂඥයන් බඳවා ගැනීමටත් සමාගම සැලසුම් කරලා තියෙනවා.
ඇමරිකාවේ ප්රධාන පෙළේ AI සමාගම් අතර ඉන්දියාව මේ වන විට ප්රධාන තරග බිමක් බවට පත්වෙලා තියෙනවා. Anthropic වැනි සමාගම් පවා ඉන්දියාවේ සිය කාර්යාල විවෘත කරමින් තරගකාරී ලෙස කටයුතු කරනවා. ඉන්දියාවේ විශාල මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් සහ අන්තර්ජාල භාවිතා කරන්නන් මිලියන ගණනක් සිටින නිසා, OpenAI සමාගමට මෙම වෙළඳපොළ ඉතාම වැදගත් එකක් බවට පත්වෙලා තියෙනවා. ඉදිරියේදී ඉන්දියාවේ AI ක්ෂේත්රයේ සිදුවන මේ වෙනස්කම් තාක්ෂණික ලෝකයට විශාල බලපෑමක් කරාවි.

Discussion & Feedback