OpenAI ආයතනයේ දත්ත මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස කටයුතු කළ ක්‍රිස් මැලෝන් පසුගිය සතියේදී හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මෙම ආයතනයට එක්වූයේ මීට වසරකට පමණ පෙර වුවත්, කෙටි කාලයක් තුළ ඔහු ඉවත් වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම OpenAI ආයතනය මේ වන විට අමෙරිකානු රජයේ සහාය ඇතිව ‘ස්ටාර්ගෙට්’ ව්‍යාපෘතිය වැනි දැවැන්ත දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතින මොහොතක, මෙවැනි ප්‍රධාන නිලධාරියෙකු ඉවත් වීම ආයතනයේ ඉදිරි සැලසුම්වලට බලපෑමක් විය හැකි බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, OpenAI පවසන්නේ තම යටිතල පහසුකම් අංශය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ප්රතිසංවිධානයක් සිදු කළ බවත්, දත්ත මධ්‍යස්ථාන කටයුතු සඳහා දැනටමත් පළපුරුදු කණ්ඩායමක් සූදානම්ව සිටින බවත්ය. නමුත් මැලෝන්ගේ ඉවත්වීම පමණක් නොව, පසුගිය කාලය පුරාම OpenAI ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් 13 දෙනෙකුට වැඩි පිරිසක් ආයතනයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. ප්‍රධාන ආදායම් නිලධාරිනී ඩෙනිස් ඩ්‍රෙසර්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බ්‍රැඩ් ලයිට්කැප් සහ නිෂ්පාදන ප්‍රධානී ෆිජි සිමෝ වැනි ප්‍රබල චරිත කිහිපයක්ම මෑතකදී ආයතනයෙන් ඉවත්වීම ආයතනයේ අභ්‍යන්තර ස්ථාවරත්වය පිළිබඳව ගැටලු මතු කර තිබෙනවා.
ආයතනයේ සම-නිර්මාතෘ ග්‍රෙග් බ්‍රොක්මන් පවසන්නේ ආයතනය කෙරෙහි පවතින දැඩි මාධ්‍ය අවධානය නිසා සෑම ඉවත්වීමක්ම විශාල ප්‍රශ්නයක් ලෙස පෙනෙන බවයි. කෙසේ වෙතත්, සදාචාරාත්මක කණ්ඩායම් සහ ආරක්ෂක අංශවල පවා ප්‍රධානීන් ඉවත්වීම සහ ඇතැම් ව්‍යාපෘති අත්හිටුවීම නිසා OpenAI ආයතනය මේ වන විට අභියෝගාත්මක කාලසීමාවකට මුහුණ දෙමින් සිටින බව පැහැදිලියි.

Discussion & Feedback