ගණිත ලෝකයේ විසඳාගත නොහැකිව තිබූ ප්‍රධාන ගැටලුවක් වන ‘Navier–Stokes’ සමීකරණය විසඳීම සම්බන්ධයෙන් මේ දිනවල ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්ය ට්‍රිස්ටන් බක්මාස්ටර් සහ ඇන්ත්‍රොපික් සමාගමේ ගණිතඥ ලෙවන්ට් ඇල්පොජේ එකතු වෙලා මේ ගැටලුව විසඳන්න පර්යේෂණ කරමින් ඉන්න අතරේ තමයි මේ ප්රශ්නය මතු වුණේ. ඔවුන් තමන්ගේ පර්යේෂණ කටයුතු කරගෙන යන අතරතුර, ඒ පිළිබඳ තොරතුරු OpenAI සමාගමට කාන්දු වෙලා තියෙනවා. පසුව OpenAI සමාගම තමන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි ආකෘතියක් පාවිච්චි කරලා, ඉතා කෙටි කාලයකින් ඒ ගැටලුව විසඳූ බව ප්‍රකාශ කළා.
මහාචාර්ය බක්මාස්ටර් චෝදනා කරන්නේ තමන්ගේ පර්යේෂණයේ තිබුණු අදහස් සහ ක්‍රමවේදයන් OpenAI සමාගම හොරකම් කරලා, ඔවුන් සතු දැවැන්ත පරිගණක බලය පාවිච්චි කරලා තමන්ට කලින් ප්‍රතිඵල ලබාගන්න උත්සාහ කළ බවයි. සාමාන්‍යයෙන් මේ වගේ සංකීර්ණ ගණිත ගැටලුවක් දින කිහිපයකින් විසඳන්න බැරි බවත්, OpenAI සමාගම තමන්ගේ පර්යේෂණයේ ගිය මාවතම අනුගමනය කරපු බවත් ඔහු පෙන්වා දෙනවා. ඇත්තටම මේක ගණිත ලෝකයේ ලොකු ජයග්‍රහණයක් වුණත්, OpenAI සමාගමේ මේ ක්‍රියාකලාපය නිසා තාක්ෂණික ලෝකයේ ලොකු විවේචනයක් ඇතිවෙලා තියෙනවා. මේ සිදුවීමෙන් පේන්නේ කෘත්‍රිම බුද්ධිය දියුණු කිරීමේ තරගයේදී ආයතන කොයිතරම් දුරකට යන්න පුළුවන්ද කියන එකයි.

Discussion & Feedback