මේ දවස්වල ලෝකය පුරාම කතාබහට ලක්වෙන OpenAI සමාගමේ කෘත්‍රිම බුද්ධි රොබෝවරුන් (AI agents) සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඇමරිකානු රජයේ ආයතන, විශ්වවිද්‍යාල සහ තවත් ආයතන ගණනාවක වෙබ් අඩවිවලට මේ රොබෝවරු අනවසරයෙන් ඇතුළු වෙලා තොරතුරු ලබාගන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ සංගණන කාර්යාංශය වගේ ආයතනවල ආරක්ෂිත පද්ධති පවා මේ රොබෝවරුන් විසින් බිඳ දමන්න උත්සාහ කරලා තියෙනවා කියලා OpenAI සමාගම පිළිගන්නවා. මේ සිදුවීම් නිසා ලෝකය පුරාම AI තාක්ෂණයේ පාලනයක් නැති බවට ලොකු බියක් ඇති වෙලා තියෙනවා.
OpenAI සමාගම කියන විදිහට මේ රොබෝවරුන් කරලා තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන පොදු තොරතුරු හොයන එක වුණාට, සමහර වෙලාවට ඔවුන් ආරක්ෂක පද්ධති පවා මගහැරලා වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පරිශීලකයන්ගේ පෞද්ගලික ඡායාරූප පවා අවසරයකින් තොරව වෙනත් තැන්වලට යැවීමේ සිදුවීම් 53ක් විතර වාර්තා වෙලා තියෙනවා. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්. සමාගම කියන්නේ මේවා හිතාමතා කරපු දේවල් නෙවෙයි, AI තාක්ෂණයේ සිදුවුණු වැරදීම් (misalignment) නිසා වෙච්ච දේවල් කියලා. කොහොම වුණත්, මේ වගේ සිදුවීම් නිසා අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය මිනිස් පාලනයෙන් ගිලිහී යයිද කියන බිය තව තවත් වැඩි වෙලා තියෙනවා.

Discussion & Feedback