ChatGPT හඳුන්වා දී වසර තුනකට පසුව, OpenAI ආයතනය දැන් තනි පුද්ගලයන්ට පමණක් නොව මුළු පවුලටම ගැළපෙන ආකාරයෙන් තම සේවාවන් පුළුල් කිරීමට පියවර ගනිමින් ඉන්නවා. ඒ සඳහා පවුල්වල සාමාජිකයන්, දරුවන් සහ වැඩිහිටියන් ඉලක්ක කරගෙන විශේෂ නිෂ්පාදන නිර්මාණය කිරීමට ඔවුන් නව නිෂ්පාදන කළමනාකරුවෙකු බඳවා ගැනීමට කටයුතු කරනවා. දැනට ලැබෙන දත්තවලට අනුව, වයස අවුරුදු 35ට වැඩි පරිශීලකයන් ChatGPT භාවිතයට වැඩි නැඹුරුවක් දක්වන අතර, දෙමාපියන් අතරත් මේ තාක්ෂණය ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.
මෙම වෙනසත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් අභියෝග රැසක් මතු වී තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් AI තාක්ෂණය භාවිතා කරන ආකාරය ගැන දෙමාපියන් හිතනවාට වඩා වැඩි ප්‍රවණතාවක් පවතින බව පර්යේෂණවලින් පෙනී යනවා. ඒ නිසාම, දරුවන්ට ගැළපෙන අයුරින් අන්තර්ගත පාලනය කිරීම, දෙමාපියන්ගේ අධීක්ෂණය වැඩි කිරීම සහ AI සමඟ කතා කරන්නේ යන්ත්‍රයක් සමඟ බව දරුවන්ට අවබෝධ කරවීම වැනි ආරක්ෂිත පියවරයන් අනිවාර්ය බව විශේෂඥයන් පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය ජාල අතීතයේදී සිදු කළ වැරදි මඟහැර, ආරම්භයේ සිටම ආරක්ෂිතව මෙම තාක්ෂණය පවුල් ඒකක තුළට ගෙන ඒමට OpenAI උත්සාහ කරනවා.
මීට අමතරව, යොවුන් වියේ පසුවන්නන් සඳහා විශේෂිත පාලන ක්‍රම සහ හදිසි අවස්ථාවලදී පවුලේ සාමාජිකයන් දැනුවත් කළ හැකි ‘Trusted Contact’ වැනි විශේෂාංග හඳුන්වා දීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. තාක්ෂණය දියුණු වන විට එය පවුලේ සැමට ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත් කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

Discussion & Feedback