ChatGPT හඳුන්වා දී වසර තුනකට පසුව, OpenAI ආයතනය දැන් තනි පුද්ගලයන්ට පමණක් නොව මුළු පවුලටම ගැළපෙන අයුරින් තම සේවාවන් පුළුල් කිරීමට පියවර ගනිමින් ඉන්නවා. ඒ සඳහා පවුල්වල සාමාජිකයන්, දරුවන් සහ වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් විශේෂ නිෂ්පාදන නිර්මාණය කිරීමට ඔවුන් නව කළමනාකරුවෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. දැනට පවතින දත්තවලට අනුව, වයස අවුරුදු 35ට වැඩි පරිශීලකයන් ChatGPT වෙත යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, දෙමාපියන් අතරත් මෙම තාක්ෂණය ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.
මෙම වෙනස ඉතා වැදගත් වන්නේ, දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේදී වඩාත් ආරක්ෂිත සහ වගකීම් සහගත ක්‍රමවේද අවශ්‍ය වන නිසයි. විශේෂයෙන්ම දරුවන් AI තාක්ෂණය භාවිත කරන ආකාරය ගැන දෙමාපියන් සිතනවාට වඩා වැඩි ප්‍රවණතාවක් පවතින බව පර්යේෂණවලින් පවා තහවුරු වී තිබෙනවා. ඒ නිසාම, සමාජ මාධ්‍ය ජාල අතීතයේදී සිදු කළ වැරදි මඟහැර, දරුවන් සඳහා විශේෂිත වූ ආරක්ෂිත පාලනයන් සහ දෙමාපිය අධීක්ෂණ පහසුකම් සහිතව නව නිෂ්පාදන නිර්මාණය කිරීමට OpenAI උත්සාහ කරනවා.
මීට අමතරව, යම් හෙයකින් දරුවෙකු මානසික පීඩනයකට හෝ අනතුරුදායක තත්ත්වයකට පත් වුවහොත් එය හඳුනාගෙන පවුලේ සාමාජිකයන්ට දැනුම් දිය හැකි ‘Trusted Contact’ වැනි විශේෂාංග ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, තාක්ෂණය දියුණු වන විට පැන නඟින ආරක්ෂක ගැටලු විසඳමින්, පවුලේ සැමට එකසේ ප්‍රයෝජනවත් වන අයුරින් ChatGPT ඉදිරියට ගෙන යාම OpenAI ආයතනයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Discussion & Feedback